ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්රයේ
පුරෝගාමී ගේය පද රචකයෙකු වූ මඩවල එස්. රත්නායක කතාකරුවෙක්, පරිවර්තකයෙක්, මාධ්‍යවේදියෙක් වශයෙන් ද ජනාදරයට පත් වූවෙකි. දේශීය සංගීත සම්ප්රදායයක් ගොඩනැඟීමෙහිලා පණ්ඩිත්
අමරදේවයන්ගේ ව්‍යායාමයට සාහිත්යික පාර්ශ්වයෙන් දායක වූයේ මඩවල රත්නායකයි. අමරදේවයෝ
මෙසේ කියති:
“භාරතයේ සිට පෙරලා පැමිණි
මා දේශීය ගායන ශෛලියක් බිහි කරගැනීමේ අරමුණින් නිෂ්පාදිත ‘ජන ගායනා’ නම් වූ
ගුවන්විදුලි ගීත විචිත්‍රාංගය මඩවල රත්නායක සමඟ අරැඹීමි... එයින් මතු කෙරුණු ජන ගී
ආර මඟින් අද්‍යතන නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ රීතිය පෝෂණය වනු දැකීම සොම්නසට
කාරණයකි.
ඉනික්බිති ව නිෂ්පාදිත ‘රස මියුරු’ හා ‘ස්වර වර්ණ’ යන විචිත්රාංග මඟින් තව තවත් පෘථුල ගීත වෛචිත්‍රයක් කරා යොමු වීමට අප දෙදෙනාට හැකි විය.”
1955 දී ‘නවක චලිත සීත
සුළඟ...’ නමැති නිර්මාණයෙන් ගීත රචනා ක්ෂේත්රයට අවතීර්ණ වන මඩවල රත්නායක විසින්
රචිත ගීත සංඛ්‍යාව තුන්සියකට නොඅඩු ය. එවායෙන් කිහිපයකට හැරුණු කල සියලු ගීතයන්හි
සංගීත නිර්මාණය පණ්ඩිත් අමරදේවයන්ගේ ය. මඩවල රත්නායකගේ ගීත නිර්මාණ පිළිබඳ මහාචාර්ය
එදිරිවීර සරච්චන්ද්‍ර මෙසේ කියයි:
“මගේ රුචිය අනුව ඔහුගේ
අනන්‍යසාධාරණ ප්‍රතිභාව දැක්ක හැක්කේ ඔහුගේ කාව්‍ය නිර්මාණවල ය. මෑත යුගයෙහි ‘කොළඹ කවීන්’ ලෙස හඳුන්වනු ලබන පද්‍ය
රචකයන් විසින් යොදා ගන්නා ලද මූලෝච්ඡින්න බස් වහර හා සසඳන විට මඩවල කවියා විසින්
ගැමි කාව්‍ය වහරින් පෝෂණය ලැබ සකසා ඇති බස කෙතරම් කාව්‍යෝචිත ද? කෙතරම් රසවත් ද? කියා පාඨකයාට පෙනෙනු නියත
ය.
මඩවල රත්නායකගේ කවි බස හැඩගැසී ඇත්තේ පැල් කවි, ගොයම් කවි ආදියේ ආභාසයෙන් මෙන් ම ‘විරහ’ යන නමින් හැඳින්වෙන ගී වෙසෙසින් බව ඔහුගේ බස් වහරින් හා රචනාවල රිද්මයෙන් ද නිගමනය කළ හැකි ය.”
මඩවල රත්නායකගේ බොහෝ නිර්මාණ තවමත් ගුවන්විදුලි තැටි අතර සැඟවී පැවැතුණ ද ඇතැම් ගීත යූටියුබ් සහ වෙනත් වෙබ් අඩවි ඔස්සේ රසවින්දනය කිරීමට හැකියාව පවතී. මෙම Blog පෝස්ටුවෙහි අරමුණ වනුයේ නෙතැන විසිරී ඇති එම ගීතාවලිය අදාළ වෙබ් සබැඳි සමඟ එක්තැන් කොට සහෘද ඔබට ප්රදානය කිරීමයි.
එහි දී තිස්ස මඩවල,
එල්. කේ. හෙට්ටිආරච්චි යන මහත්වරුන්ටත්, මුරුතලාවේ ඤාණවිමල හිමිපාණන් වහන්සේටත් අපගේ
හෘදයංගම ස්තුතිය සහ ගෞරව ප්‍රණාමය හිමි විය යුතු ය. එසේ ම මෙම ගීත කිසිදු ආකාරයකට විකෘති කිරීමෙන් සහ නැවත පටිගත කිරීමෙන්,
නැවත පළ කිරීම් ආදියෙන් වැලකීමට කාරුණික වුව මැනැවි. කර්තෘ හිමිකම් සුරකිනු
මැනැවි. රසවින්දනයත්, අධ්‍යයනයත් උදෙසා ම පරිහරණය කළ මැනැවි.
________________________
අත්තන මල සේ - ඩබ්.ඩී.අමරදේ්‍ව
අඳුර මුදා හිරු - වික්ටර් රත්නායක
අහස පොළොව එකට බැඳෙන - ඩබ්.ඩී.අමරදේ්‍ව
ඈත නිල්වන් ගුවන් විමනින් - ඩබ්.ඩී.අමරදේ්‍ව
උදා ගිරෙන් එබී - වික්ටර් රත්නායක
ඒ හිරු මේ හිරු (පායා ආ හිරු) - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස
ඔබේ ඇතැඟිලි අඟින් - වික්ටර් රත්නායක
කමල හදවත ඔබේ - ඩබ්.ඩී.අමරදේ්‍ව
කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නේ - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ නීලා වික්‍රමසිංහ
කැලේ ගහක මල් පිපිලා - ඩබ්.ඩී.අමරදේව
කෝටියක් තරු - ඩබ්.ඩී.අමරදේ්‍ව
ගිනි ගැනුණු වැලි පොළොව - ඩබ්.ඩී.අමරදේ්‍ව
ජය හේ ලංකා - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස
ජීවිත කතරේ එතෙර නොදක්නා - ඩබ්.ඩී.අමරදේ්‍ව
තණ්හා ආශා (පටාචාරා) - ඩබ්.ඩී.අමරදේ්‍ව
තිලෝ තිලක අජරාමර - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස
නටති මේ උදයේ - ඩබ්.ඩී.අමරදේ්‍ව
නයන නීල උපුල් මෙනා - ඩබ්.ඩී.අමරදේ්‍ව
නැව් පුරා සහල් යවා - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස
නිල් අහසයි නිල් පොළොවයි - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස
නිල් මානෙල් මල් පිපුණා - ඩබ්.ඩී.අමරදේ්‍ව
නීල නුවන් රස අංජන ලාලා - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස
නිවාලන්න හදවත බර - ඩබ්.ඩී.අමරදේ්‍ව
නේරංජනා ගඟ අසබඩ (චාපා ගීත නාටකය) - ඩබ්.ඩී.අමරදේ්‍ව
නොදැමුණු රළ තෙරපේ (පටාචාරා) - නන්දා මාලනී
පෙරුම් පුරාගෙන - නීලා වික්‍රමසිංහ
බක් මහ වැස්සට - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස
බඹරෙකු ආවයි - ඩබ්.ඩී.අමරදේ්‍ව
බාලොලි ලොලි ලොලී (පටාචාරා) - නන්දා මාලනී
බින්දු බින්දු රන් - ඩබ්.ඩී.අමරදේ්‍ව
මා ගී ගැයුවේ ඔබට නොවේ - එඩ්වඩ් ජයකොඩි
මාල ගිරා කැල - ඩබ්.ඩී.අමරදේ්‍ව
මින්දද හී සර - ඩබ්.ඩී.අමරදේව
මිහිරියේ ගැමි ළඳේ - ඩබ්.ඩී.අමරදේ්‍ව
මේඝ වලාවක් - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස
රන මොනරයි රන මොනරියි - ඩබ්.ඩී.අමරදේ්‍ව
රන් වන් කරල් සැලෙයි (ටිකිරි ලියා ගීත නාටකය) - ඩබ්.ඩී.අමරදේව
රෑ කල පැලට වී - වික්ටර් රත්නායක
ලෙළෙන ලවංග ලතා - වික්ටර් රත්නායක
වන්දිතාය වන්දිතම් - ඩබ්.ඩී.අමරදේ්‍ව
වලා ගැබින් තරු අතරින් - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස
සැඳෑ අඳුර තුළ - ඩබ්.ඩී.අමරදේව
සැඳෑ කළුවර - නන්දා මාලනී
සෝකය පොදි බැඳි - ඩබ්.ඩී.අමරදේ්‍ව
ස්වර්ණ විමානෙට (ගැටවරයෝ) - ඩබ්.ඩී.අමරදේ්‍ව
හිරු දෙවිගෙන් ලද වරමින් - නන්දා මාලනී
හිරු මඬලින් වලා පෙළින් - ඩබ්.ඩී.අමරදේ්‍ව සහ පිරිස
හීන හතක් මැද (ගැටවරයෝ) - ඩබ්.ඩී.අමරදේ්‍ව
හීන හතක් මැද (ගැටවරයෝ) - ලතා වල්පොල
හුරු නැති මඟක ගොස් - ඩබ්.ඩී.අමරදේ්‍ව
No comments:
Post a Comment